නාවලපිටිය නගරයේ විරෝධතාවක නිරත වී පොලිස් අත්අඩංගුවට පත්වූ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පහළොස් දෙනා ඇපමත මුදාහරින්නැයි නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිමින් මහෙස්ත්‍රාත්වරයා නියම කරනු ලැබුවේ මොවුන් යළි දෙසැම්බර් මස 13 දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් නාවලපිටිය නගරයේ පැවති අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වීමට එරෙහිව මෙම විරෝධතාව නාවලපිටිය නගරයේ දී පැවැත්විය. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version