ප්‍රකට ජාත්‍යන්තර රූපවාහිනී චැනලයක් වන බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් වෙත සජීවීව සම්බන්ධවෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වර්ථමාන ආර්ථික අර්බුදය ගැන සිය අදහස් දක්වා ඇත.
මීළඟට ඉදිරි සහල් වගා කන්නයට වුවමනා පොහොර ඌණතාවය හේතුවෙන් මෙම අගෝස්තු මස සිට ආහාර හිඟයක් නැතිනම් අර්බුධයක් ඇති විය හැකි බව මෙම සාකච්ජාවේදී රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය. පොහොර හිඟය හේතුකොටගෙන මුළු අස්වැන්න නොලැබෙන නිසා එමඟින් අර්බුදයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. මාධ්‍යවේදියා අසන ලද ප්‍රශ්ණයකට අහමතිතුමා දුන් පිළිතුරෙහි කොටසක් මෙසේ උපුටා දැක්විය හැක.
“අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ගෝලීය ආහාර අර්බුදයක් ද දිග හැරෙනු ඇත්තේ ද එම කාලයේ දී ය. ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකම් අපි කොහොම ජීවත් වෙයිද කියලා බලන්න වෙනවා. අපිට කන්න නැතිව යනවා”.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
වත්මන් ජනාධිපතිවරයාගේ නික්ම යෑම සම්බන්ධයෙන් වෙනස් වූ මත 2ක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවේ මතුකෙරුණු ප්‍රශ්න වලදී පැහැදිලි කළේය. ගාලුමුවදොර නැතිනම් ගෝල්ෆේස් පිටියේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සහ විපක්ෂයේ නොයෙක් දේශපාලන පක්ෂවල ඒකමතික අදහස වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව වුවත්, එය නීතියට අනුව කළ හැකි වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කිරීමෙන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහස යැයි රනිල් වැඩිදුරටත් පවසා ඇත. තමා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව මෙහිදී කිසිවක් සඳහන් නොකරන බවත් හෙතෙම පැවසීය.
“පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා ශක්තිමත් කරන 19 වැනි සංශෝධනය යළි ස්ථාපිත කළ යුතු 21 වැනි සංශෝධනය සම්මත වූ පසු සියලු පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වැඩපිළිවෙළකට පැමිණිය යුතු බව මම යෝජනා කරනවා,” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී කිය.
රට තුළ වර්තමානයේ හටගෙන ඇති විරෝධතා පිළිබඳ නැඟුණ පැනයන්ට පිළිතුරු දෙමින් අගමැති රනිල් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF) සටන්කාමී එමෙන්ම නොසැලෙන කණ්ඩායමක් ලෙස පුරෝකථනය කෙරීය.
‘IUSF සාමාන්‍යයෙන් වසරකට අඩුම තරමින් පෙළපාලි 5-6 ක් සටන්කාමී ජවය පිරි තරුණ කණ්ඩායමක් ලෙසින් පවත්වනවා. ඒවගේම පොලිසියත් පුරුද්දක් ලෙස එම තරුණ කණ්ඩායමට එරෙහිව ජල ප්‍රහාර එල්ල කිරීම සුලභ දෙයක් වගේම සාමාන්‍යය දෙයක් වී හමාරයි. නමුත් සාමාන්‍ය ජනතාව පන්ති භේදයක් නොසළකා සිය විරෝධතා දැන් පෙන්වනවා. මේ ආර්ථික අහේනියෙ ප්‍රතිඵලයක් ලෙස තම තමන් මුහුණ දෙන අනේක දුෂ්කරතා කම්කටොළු හේතුවෙන් සාමාන්‍ය ජනතාවද එම විරෝධතාවල නියැලෙනවා. මාගේ ඒකායන අරමුණ තමයි අදාළ වුවමනාම වැඩටික කරලා මේ ගැටළු ඉක්මනින් දුරුවුනු රටක් බවට පත් කිරීමයි’ අගමැතිවරයා පැවසීය.
එම සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව පහතින්.