අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරමින් කියා සිටියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට මාස 6ක් තුළ ආර්ථිකය ගොඩනැගීමට හැකිනම්, ඒ සඳහා ඉඩ ලබාදී තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවයි.
තම දේශීය ආර්ථික වර්ධන වේගය ඍණ 6ක් 7ක් දක්වා ඇද වැටුනු රටක්, මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන ඒම මෙතුවක් ලොව කිසියම්ම හෝ රටක සිදු වී නොමැති වුවද, එය එලෙස සිදු වී නොමැති යයි කියා අනුර කුමාර මන්ත්‍රීවරයාගේ අදහස් කිසි ලෙසකින් බැහැර කළ නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුර පවසමින් කියා සිටියේය.
එම නිසා අනුර කුමාර මන්ත්‍රීවරයාට එවැනි සාර්ථක සැලැස්මක් ඇත් නම්, තමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම් බවද, ඉන්පසු අනුර කුමාර මන්ත්‍රීවරයා අගමැති ලෙස පත්කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවා.