ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ පොළොන්නරුව මහ රෝහලට අද (09) පැමිණියේය.
එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍යය ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සාකච්ඡා කරන ලදී.






