අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අළුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව එලැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුවය.
රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණි.