සූර්ය කිරණවල හානිකර කොටසෙන් පෘථිවිය ආරක්ෂා කරන වායු පලිහක් වන ඕසෝන් ස්ථරය පිළිබඳ සමරන ඕසෝන් දිනය අදට යෙදී ඇත.
එමඟින් පෘථිවියේ ජීවය ආරක්ෂා කිරීමට උපකාරීවන නිසාම ඕසෝන් ස්ථරය රැක ගැනීම අප සියළු දෙනාගේ වගකීමකි .
මෙවර ඕසෝන් දිනයේ තෙමාව වන්නේ, “දේශගුණික ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම” යන්නයි.
ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීම සහ ඒ ආශ්රිත අඩු කිරීම් පිළිබඳව කාගේත් අවධානය යොමු තිබීමත් අගය කළ යුතුය.
ඒ මගින් අනාගත පරම්පරාව සඳහා ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමට උපකාරීවනවා පමණක් නොව, දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ ගෝලීය ප්රයත්නයන්ට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.
පෘථිවියට ළඟා වන හානිකර පාරජම්බුල කිරණ සීමා කිරීමෙන් මිනිස් සෞඛ්‍යය සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීමටත් මේ ඕසෝන් ස්ථරය වැදගත්ය.
කෙසේවෙතත්, 1970 ගණන්වල අගභාගයේදී, මානව ක්‍රියාකාරකම් ඕසෝන් ස්ථරය විනාශ කරන බව විද්‍යාඥයන් වටහා ගත්හ.
බොහෝ විට වායු සමීකරණ, ශීතකරණ ආදියෙහි දක්නට ලැබෙන ඕසෝන් ක්ෂය වන වායූන් නිසා ඇති වූ සිදුරක් ඔවුන් සොයා ගෙන තිබුණි.
මෙම ඕසෝන් ස්ථරය ක්ෂය වීම පෘථිවියේ ජීවයට බලපා ශාක හා පරිසර පද්ධති විනාශ වීම, සමේ පිළිකා වැඩි වීම යනාදීය නිසාම ඕසෝන් ස්ථරයේ වැදගත්කම සහ එය සංරක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවය ඉස්මතු විය.
ඒ අනුව 1985 දී රටවල් 28 ක් විසින් ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා වූ වියානා සම්මුතිය සම්මත කර අත්සන් කළ අතර එය සියළු දෙනා එක්ව ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා කළ විධිමත් ප්‍රකාශයකි.
1987 සැප්තැම්බර් මාසයේදී ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය පිළිබඳ මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය කෙටුම්පත් කරන කෙරුණ අතර රටවල් සිය උත්සාහයන් එකමුතු කිරීමට සහ ඕසෝන් ක්ෂය කරන සියලුම ද්‍රව්‍යවලින් 99% ක් ඉවත් කිරීමට එකඟතාව පළ කරන ලදී.
මෙම සාර්ථක උත්සාහයන් නිසා ඕසෝන් ස්ථරය සුවපත් වෙමින් පවතින බවයි විද්‍යාඥයින් පවසති.
මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය අත්සන් කිරීම සැමරීම සඳහා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1994 දී සැප්තැම්බර් 16 වන දින ඕසෝන් ස්ථරය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.