World Autistic Pride Day යනු ඔටිසම් පුද්ගලයන්ගේ ශක්තීන් හා කුසලතා පිළිගැනීමට මෙන්ම ස්නායු විවිධත්වය සැමරීමට වාර්ෂිකව ජූනි මස 18 වන දින යෙදී ඇති සැමරීමකි. ඔටිසම් තත්ත්වය සුව කිරීමට හෝ තුරන් කිරීමට උත්සහ දැරීම වෙනුවට එම තත්ත්වය පිළිගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔටිසම්  අයිතිවාසිකම් ව්‍යාපාරය මෙම දිනය නම් කොට ඇත.

මේ හරහා ඔටිසම් තත්ත්වයන්ට සමාජය තුල පවතින සාවද්‍ය මත අභියෝගයට ලක්කර එය රෝගයක් හෝ ස්නායුවල පවතින යම්  ඌනතාමය තත්වයක් නොවන බවත් එය මානව ස්නායු විද්‍යාවේ ස්වාභාවික විචලනයක් පමණක් බවත් සමාජයක් ලෙස අප එය ප්‍රතික්ෂේප නොකර එය වැලදගත යුතු බවත් සමාජගත කිරීමට උත්සහ දරයි. 

එමෙන්ද මෙම දිනය හරහා ඔටිසම් පුද්ගලයින්ට ලෝකය සමඟ සිතීමට, සන්නිවේදනය කිරීමට සහ අන්තර් ක්‍රියා කිරීමට ඔවුන්ටම ආවේණික වූ ක්‍රම ඇති බවත්, ඒවාට ගරු කළ යුතු සහ අගය කළ යුතු බවත් මතක් කරයි.

මෙම දිනයට ගරු කිරීම සඳහා ක්‍රියාකාරකම් බොහොමයක් ලොව පුරා සිදු වේ.  සාකච්ඡා, චිත්‍ර ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ සමාජ රැස්වීම් මේවට ඇතුළත් වේ. මෙම වේදිකා ඔටිසම් පුද්ගලයන්ට ඔවුන්ගේ කථා බෙදා ගැනීමට, ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට, ප්‍රජාව සහ සහයෝගය පෝෂණය කිරීමට අවකාශය සපයයි. ඔටිසම් පුද්ගලයින්ගේ ස්වභාවය විස්තාරණය කිරීමෙන්, ඔවුන්ගේ ඉදිරිදර්ශන අගය කරන සහ ඔවුන්ගේ දායකත්වයන් පිළිගන්නා වඩාත්  ඉදිරිගාමී සමාජයක් නිර්මාණය කිරීමට හැකි වේ.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version