ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Carbon-Neutral ගිටාර් පෙළහර වන ‘Strings of Souls’ ලබන 09 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පානදුර The Barnhouse හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන වායෝ සමඟ Green Pictures, The Barnhouse සහයෝගීතාවෙන් මෙම ප්‍රසංගය පවත්වනු ලබයි.
ගිටාර් වාදනයේ අතිදක්ෂයින් 300ක් පමණ මේ සඳහා සහභාගි වීමටි නියමිතය.
“FOOTPRINT 2024” සිනමා පටය ද මෙහිදී විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම ප්‍රසංගය වඩාත් සුවිශේෂී වන්නේ මෙය හුදෙක් සංගීතය ගැන පවත්වන ප්‍රසංගයක් පමණක් නොවීමයි.
මෙම ගිටාර් පෙළහර වෙනසක් කිරීම උදෙසා ය.
විදුලි භාවිතය අවම කිරීමෙන්, තිරසාර සම්පත් භාවිතා කිරීම සහ පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීමෙන්,ප්‍රසංග පැවැත්විය හැකි ආකාරය සඳහා නව ප්‍රමිතියක් සකස් කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
එමෙන්ම මෙම ගිටාර් පෙළහර තිරසාරභාවය ගොඩනැංවීම, කාබන් විමෝචනය අඩු කිරීම සහ පරිසර හිතකාමී, සත්ත්ව ආහාරවලින් තොර, අඩු කාබන් විමෝචන සහිත ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් පැවැත්වීම විශේෂත්වයකි.
මෙය ප්‍රවේශපත් මිලදීගෙන පැමිණීමට අවශ්‍ය ප්‍රසංගයක් නොවන අතර ගිටාර් වාදකයකුට මේ සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඔබේ විස්තර සහ ඔබ ගිටාර් වාදනය කරනු ලබන වීඩියෝවක් හෙට(03) දිනට පෙර එවන ලෙස එහි සංවිධායකයෝ ඉල්ලා සිටිති.
අයදුම් කිරීම: https://forms.gle/wd3Nq1L4ovQqxRmK7