චීන යුද නෞකා තුනක් සහ ඉන්දීය යුද නෞකාවක් අද (26) කොළඹ වරායට පැමිණියේ ය
.
නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරයාට පැමිණි චීන නාවුක හමුදාවට අයත් හී ෆෙයි, වූෂිෂාන් මහ ක්ලියාශාන්, යන නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, නාවික හමුදා සම්ප්‍රදානුකූලව පිළිගනු ලැබීය.
ඩිස්ට්‍රොයර් වර්ගයට අයත් හී ෆෙයි නෞකාව මීටර් 144.5 කින් යුක්තයි.
දිගින් මීටර 210 ක් වන වූෂිෂාන් නෞකාව ලැන්ඩින් ෆ්ලැට්ෆෝම් ඩොක් වර්ගයට අයත්.
ක්ලියාශාන් යුද නෞකාව ද දිගින් මීටර් 210 ක් වේ.
දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා චීන නාවික කණ්ඩායම් සහභාගී වනු ඇත.
අගෝස්තු 29 වැනිදා මෙම නෞකා කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතවේ.
මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව තුන්දින නිල සංචාරයක් සඳහා අද කොළඹ වරායට පැමිණියේ ය.
INS මුම්බායි යුද නෞකාවේ දිග මිටර් 163 ක්.
අදාළ නෞකා දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.
මීට අමතරව, බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග පුහුණු අභ්‍යාසයක නිරතවීමට ද නියමිත වේ.
INS මුම්බායි නෞකාවද ලබන 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.