කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 02ක් සහ MRI යන්ත්‍ර 02ක් කාර්මික දෝෂවලට ලක්ව මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතැයි වාර්තා වේ.
මෙතෙක් එම යන්ත්‍ර අලුත්වැඩියා කර නොමැති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ ය.
බාහිර රෝගී අංශයේ සහ ප්‍රධාන විකිරණ අංශයේ ස්කෑන් යන්ත්‍ර එලෙස දෝෂවලට ලක්ව තිබේ.
ඊට අමතරව බාහිර රෝගී අංශයේ සහ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ එම් ආර් අයි යන්ත්‍ර එක බැගින් දෝෂවලට ලක්ව ඇතැයි, චානක ධර්මවික්‍රම මහතා පවසයි.
ඒ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගින්ගේ සැත්කම් හා ප්‍රතිකාර සේවා අඩාල වි ඇති බව ඔහු සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතාගෙන් නිවුස්ෆස්ට් විමසීමක් කරන ලදී.
එක් යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීමට ජපානයෙන් කණ්ඩායමක් පැමිණෙන බව ඔහු සඳහන් කළේ ය.
අනෙක් යන්ත්‍රවලට අවශ්‍ය කොටස් කිහිපයක් ගෙන ඒමට ඇති බව ද අධ්යක්ෂවරයා සඳහන් කරන ලදී.