මේ වනවිට නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් පමණ වන බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

දැනට එකතු කර ගෙන ඇත්තේ රුපියල් බිලියන 175 ක තරම් බදු ප්‍රමාණයක් බව ද, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් තරමේ මුදලක බදු අයකර ගත නොහැකිව සිර වී ඇති බව ද එහිදී හෙළිවුනා.

ටියුෂන් පන්ති, නීතිඥ ගාස්තු යනාදියෙන් බදු අයකර ගැනීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම ආදී යෝජනා ගැන ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළ බවයි කාරක සභාව පවසන්නේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version