යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් අද (19) සිට ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර, පසුව ඇති වූ වර්ෂාව හේතුවෙන් අස්වැන්න නෙළීමට ආසන්න ව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්ව තිබුණා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version