ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ඔක්තෝබර් මස 03 වන දින කොළඹ හෙට්ටියාවත්ත සහ තලෛමන්නාරම පේසාලේ ප්රදේශ ආශ්රිතව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් පන්සියක (1500) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ සැකකාරියක (01) නීතියේ රැහැනට අසුකරගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා රංගලආයතනය වෙත ලද තොරතුරකට අනුව, කොළඹ වෙරළබඩ පොලිස් ස්ථානය හා එක්ව කොළඹ හෙට්ටියාවත්ත ප්රදේශයේ සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, හෙට්ටියාවත්ත මංසන්දිය අසලදීඅලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි එක්දහස් දෙසියක (1200) තොගයක් සමඟ එක් (01) සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
එදිනම, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා ගජබාආයතනය වෙත ලද තොරතුරකට අනුව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව තලෛමන්නාරම පේසාලේ ප්රදේශයේ සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, අලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි තුන්සියක (300) තොගයක් සමඟ එක් (01) සැකකාරියක්මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 70 ක් වන ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවකු බවට සහ සැකකාරියවයස අවුරුදු 56 ක් වන පේසාලේ ප්රදේශයේ පදිංචිකාරියක් බවට හදුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙතත් සැකකාරිය සහ විදේශීය දුම්වැටි තොගය පේසාලේ පොලිස් ස්ථානය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.

