පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හයදෙනාගෙන් තිදෙනකු මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එක්ව ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස, ජාතික ලැයිස්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් සහ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති ජගත් ප්‍රියංකර එසේ රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්වූ මන්ත්‍රීවරු ය.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා එක්ව සිටින සර්ව ජනබලය සංවිධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයාට සහාය ලබාදීමට විමල් වීරවංශ මන්ත්‍රිවරයාට අමතරව තවත් මන්ත්‍රිවරු දෙදෙනෙක් ඉතිරිව ඇත.

ඒ කළුතර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ජයන්ත සමරවීර සහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රිවරුන් දෙදෙනාය.

Share.
Leave A Reply

Exit mobile version