ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසයේ සමාරම්භය සනිටුහන් කරමින් දෙරටේ භට පිරිස් වල සහභාගීත්වයෙන් සමාරම්භක පෙළපාලිය අද (14) දින මාදුරුඔය යුද පුහුණු පාසලේදි පැවැත්විය.
59 වන සේනාංකයේ සේනාංකාධිපති හා මෙවර මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්‍යෂක මේජර් ජෙනරල් දිනේශ් උඩුගම මෙම සම්මාන පෙලපාලියේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වු අතර පෙලපාලිය අනතුරැව මෙම යුධ අභ්‍යාසය ආරම්භ කිරීමේ නිල ප්‍රකාශයද නිවේදනය කිරිම හා මෙම අභ්‍යාසයට සහභාගි වි සිටින ඉන්දිය සහ ශ්‍රි ලංකා භට පිරිස් ඇමතීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදුකරන ලදී.
සමාරම්භක පෙළපාලිය සදහා 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් රොෂාන් වීරක්කොඩි අණ දුන් අතර දෙරට නියෝජනය කරමින් මේජර් රුවන් කරුනාතිලක හා මේජර් කුල්ජිත් පූනව් දෙවෙනි අණදෙන නිලධාරීන් වශයෙන් කටයුතු කරන ලදී.