දශක පහකට වැඩි කාලයක්, ඇමෙරිකව් මින් මැදුරක ජීවත් වුණු ‘ලොලිටා’ නමැති කිලර්වේල් තල්මසා මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. ‘ලොලිටා’ ගැහැනු සත්වයෙකි. ඇය පසුගිය වසර 50 තුළ ජීවත් වූයේ මියාමි නුවර සාගර මින්මැදුරේ කුඩා ටැංකියකය. විවිධ සංදර්ශනවලට එක්වෙමින් නරඹන්නන් සතුටු කිරීම ලොල්ටාගේ දෛනික රාජකාරියක් වූ බව පැවැසෙයි.

ඇය මියගියේ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් වකුගඩු අක්‍රිය වීමෙන් යැයි වෛද්‍යවරු පවසති. ‘ලොලිටා’ මුහුදට නිදහස් කර යැවීමට සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් පසුගිය කාලයේ දැඩි පරිශ්‍රමයක යෙදුණු අතර එයට ද යහපත් ප්‍රතිචාර ලැබුණි. මින් මැදුරේ බලධාරීන් පැවැසුවේ, පසුගිය මාස කීපය තිස්සේ යළි මුහුදට යැවීමට ඇයට අවශ්‍ය පුහුණුව ලබා දුන් බවය. වසර ගණනක් මින්මැදුරක කොටුවුණු සත්වයකු මුහුදට යැවීමට පෙර ඒ ස‍ඳහා එම සත්වයා පුරුදු පුහුණු කළ යුතුවෙයි.

‘ලොලිටා’ සහ තවත් කිලර්වේල් තල්මසුන් හය දෙනකු අල්ලා ගත් බව පැවැසෙන්නේ 1970 වසරේදීය. එදා සිට ‘ලොලිටා’ සිටියේ හුදෙකලාව, මින් මැදුරේ කුඩා ටැංකියට කොටුවෙමිනි. ක්ෂීරපායීන් වන ‘කිලර්වේල්’ තල්මසුන් ‘ඕකා’ යනුවෙන් ද හැ‍ඳින්වෙයි. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version