අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එහෙත් අදාළ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
අමාත්‍යවරයා පැවසුවේ එහෙත් එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බවය.
අද පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මීට අමතරව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු ගණනාවක් පවතින බවත් එම නඩුවල තීන්දු සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.