සත්කාරක අයර්ලන්තය සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් ලබා ගත්තේය.
තරගයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3ම, ලකුණු 10කදී දවා ගැනීමට අචිනි කෞශල්‍යා සමත් විය.
අයර්ලන්ත මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 28කදී ය.
ආලීන් කෙලී ලකුණු 35යි.
අචිනි කෞශල්‍යා සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය.
ඒ අනුවඅයර්ලන්තය පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 122කි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ලට චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවීක්‍රම ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවේය.
චමරි අතපත්තු ලකුණු 48යි.
හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස් කරගෙන සිටියේය.
ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කිරිමට සමත් විය.
කෙසේ නමුත් තරගාවලිය 2ට 1ක් ලෙස ජය ගත්තේ අයර්ලන්තයයි.