සිංගප්පුරු විපක්ෂනායක ප්‍රිතම් සිං පාර්ලිමේන්තුව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරිමේ චෝදනාවකට වරදකරු වී තිබේ.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් අසත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකර ඇති බවට එරට අධිකරණයක් විසින් තීන්දු කර ඇත.
මෙම තීරණයත් සමග ඔහුට මේ වසරේ දී පැවැත්වෙන මහා මැතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවීම හේතුවෙන් ඔහුට සිංගප්පූරු ඩොලර් දස දහසක දඩයක් හෝ වසරක සිරදඬුවමක් නියම වනු ඇති බවද සඳහන් වේ.
48 හැවිරිදි සිංගප්පුරු විපක්ෂනායක සිප්‍රීතම් සිං 2021 වසරේ පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් මෙම සිදුවීමට හේතුවී තිබේ.