මැතිවරණ නීතිය ක්‍රියාත්මක වීම මත තමන්ට ඉදිරි කාලයේදී මාධ්‍ය ප්‍රකාශ නිකුත් කල නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකින් අනතුරුව ආරම්භ කරන බවත් මැතිවරණ නීතිය අනුව මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට තමාට තහනම් බවත් ඇය කියා සිටියි.
මෙවර ජන්ද පත්‍රිකාවේ දිග අවසන් ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවට වඩා අගලකින් වැඩිවන බවද ඇය සඳහන් කරන්නීය. ජන්ද පත්‍රිකා මුද්‍රණයට කාර්ය මණ්ඩලයේ සිටින 1200ක පමණ පිරිසම යොදා ගනු ලබන බවද ඇය තවදුරටත් කියා සිටියාය.