ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සැඟව සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බව සඳහන්ය.
අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු ද සැකකරුවන් අතර සිටින බව වාර්තා වෙයි.
පමුණුගම, උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේදී පසුගිය 20 වනදා රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.
එම පුද්ගලයා දණගස්වා ටී – 56 ගිනි අවියකින් ඩබල් ටැප් ක්‍රමයට වෙඩිතබා ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි තබන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.
පසුව වෙඩික්කරු පළායන ගොස ඇත.
මේ පිළිබඳ විමර්ශන සිදුකළ පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ, මියගිය පුද්ගලයා 29 හැවිරිදි අයෙක් වන අතර අයේෂ්කාන්ත බෝපේආරච්චි නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවයි.
මේ අතර කොටහේන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොටහේන පොලීසියට ලැබුණු තොරතුරක් මත බ්ලුමැන්ඩල් දුම්රිය මාර්ගය අසල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32 මිලිග්‍රෑම් 600ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 31 යන වයස්වල පසුවන බ්ලූමැන්ඩල් සහ කොච්චිකඩේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
සැකකරුවන් සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී පසුගිය 18 වන දින රාත්‍රී කොටහේන, බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.