වත්මන් සමාජයේ යම්තාක් දුරකට පසුබැස ඇති සම්ප්‍රදායන් සමාජයට ප්‍රදර්ශනය කිරීමේ සාමාජීය අරමුණ පෙරදැරි කරගනිමින් හා ජාතික සමගිය මුළු ලොවට විදහා පෑමේ අරමුණින් මෙවර ජාතික රාමදාන් උත්සවය “සලාම් රාමදාන්” යන මැයෙන් 2025 මාර්තු 21 සිට 31 දක්වා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත.
බස්නාහිර පළාත් සභාව විසින් පත්කරන ලද ජාතික රමදාන් උත්සව කමිටුව විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව සැලසුම් කර ඇති අතර මෙම ජාතික උත්සවයට සමගාමීව 2025 මාර්තු 21 සිට 31 දක්වා දින 10ක් මුළුල්ලේ කොළඹ නගරය වටා ආලෝකමත් කිරීමට සහ ‘ග්‍රීන් පාත්’ (Green Path) පරිශ්‍රයේ දින තුනක් මුළුල්ලේ සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට අවශ්‍යය කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය විදහාලන තවත් එක් උත්සව කලාපයක් වශයෙන් ‘සලාම් රමදාන්’ උත්සවය සංවිධානය කිරීමට සැලසුම් කර ඇති අතර මේ හරහා මුස්ලිම් ජනයාගේ විවිධ පාරම්පරික සහ සම්ප්‍රදායික චාරිත්‍ර ආදී හරයන් පිළිබඳව මූලික අවබෝධය හා දැනුම වැඩිදියුණු කිරීම සඳහා පළාත් සභාව මගින් සංවිධානය කරන මෙම ‘සලාම් රමදාන්’ උත්සවය සුවිශේෂී උත්සවයකි.
මෙම උත්සවය පැවැත්වීම තුළින් ආගමික හා සංස්කෘතික වශයෙන් සමස්ත සමාජය එකමුතු කිරීමට හා අනෙකුත් සංස්කෘතික උත්සවයන් සමරන ආකාරයටම වැඩි ප්‍රජා සහභාගීත්වයක්, ආර්ථික සහභාගීත්වයක් සහ අන්තර් ආගමික අවබෝධයක් ඇතිව සැමරීමට අවශ්‍යය කටයුතු සංවිධානය කොට තිබේ.
‘සලාම් රමදාන්’ යන මැයෙන් පැවැත්වෙන ජාතික රාමදාන් උත්සව කමිටුවේ සභාපති රිසාන් නසිර් මහතා මෙම උත්සවය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ “රමදාන් මාසය යනු එක් මාසයක් නොව එය අපගේ පාරම්පරික සංස්කෘතික ආචාරධර්ම, ආහාර පාන යන ආදී සියලු දෑ බවත්, මේ පිළිබඳව සමාජයේ සෙසු සියලුම දෙනා සමඟ බෙදාහදා ගැනීමට, මෙම කාරණා පිළිබඳ සමාජයට හෙළිදරව් කිරීමට අවශ්‍යය බවත්, ලෝකය පුරා වෙසෙන Moors, Memons, Malays සහ Dawoodi Bohras යන මුස්ලිම් සංස්කෘතීන්ට සම්බන්ධ බොහෝ දෑ පිළිබඳ දැනුම මෙම සංස්කෘතික උත්සවයේදී සමාජයට පිරිනැමීමට සූදානමින් සිටින බවත්ය.