රියර් අද්මිරාල් කාංචන බානගොඩ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 16 වැනිදා සිට අදාළ පත්කිරීම සිදුකර ඇති බව නාවික හමුදාව සඳහන් කළේ ය.
රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා බණ්ඩාරවෙල, ශාන්ත තෝමස් විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
බානගොඩ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලැබුවේ ය.