වාහනයක් අවභාවිත කිරීමේ වරද පිළිගැනීමෙන් පසු හිටපු අමාත්‍ය ඒ.එච්. එම්. ෆවුසි මහතාට කොළඹ මහාධිකරණය අද (27) වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ය.
සිර දඩුවම වසර 10කට අත්හිටුවීමට විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.
එමෙන්ම විත්තිකරුට රුපියල් ලක්ෂ 4ක දඩ ගෙවීමට ද අධිකරණය නියෝග කළේ ය.
නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කළ ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම, වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් අමත්‍යාංශයේ මුදල් වලින් වැය කිරීම ඇතුළු අධි චෝදනා 04ක් යටතේ පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ දඩුවම් නියම කෙරිණි.
අල්ලස් කොමිසම විසින් නඩුව පවරා තිබුණි.