ශ්‍රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිතිකොටගෙන වෙරළ පිරිසිදුකිරීමේ ව්‍යාපෘතියක් වාද්දුව වෙරළ තීරයේ දී පසුගියදා සංවිධානය කරන ලදී. පරිසර ආරක්ෂණය හා තිරසාරභාවය වෙනුවෙන් කැපවෙන ප්‍රමුඛතම සන්නාමයක් ලෙස, එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාවිතය අවමකිරීම පිළිබඳව පොදු ජනතාව දැනුවත්කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවට පත්විය. මේ සඳහා රාජා ජුවලර්ස් හි කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ දායකත්වය හිමිවීම ද සුවිශේෂි කරුණකි.
රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් පළකරන ලදී. ” ශ්‍රී ලංකාවේ විශ්වසනීය ස්වර්ණාභරණ සන්නාමයක් ලෙස අපි නිරතුරුවම පරිසර ආරක්ෂාව , තිරසාරභාවය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනු ලබනවා. මෙවැනි වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීම හරහා එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාවිතය අවමකිරීමේ වැදගත්කම පොදු ජනතාව වෙත රැගෙනයෑම අපේ බලාපොරොත්තුවයි. මෙම අනගි මෙහෙවර හා එකමුතුබව අනාගත පරම්පරාව වෙනුවෙන් සාගරය, පරිසරය සංරක්ෂණය කිරීමේ නැවුම් සන්ධිස්ථානයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.”
මෙම වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහන සඳහා රාජා ජුවලර්ස් හි කාර්ය මණ්ඩල සමාජික සමාජිකාවන් 100 කට අධික පිරිසක් සහභාගී විය. එසේම මෙම වැඩසටහන පිළිබඳව හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගනු ලැබු ක්‍රියාකාරකම් පිළිබඳව පොදු ජනතාව දැනුවත්කිරීමේ අරමුණෙන් රාජා ජුවලර්ස් හි නිල ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හා යූ ටියුබ් සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ විඩීයෝවක් නිකුත් කිරීම ද මෙහි සුවිශේෂි කටයුත්තක් විය.
සමාජ වගකීමක් සහිත සන්නාමයක් වශයෙන් මෙම ආයතනය නිරතුරුවම ප්‍රජා සුරක්ෂිතභාවය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනු ලබයි. සිය වාර්ෂික දින දර්ශනයේ ප්‍රධාන ආයතනික සමාජ වගකීමක් ලෙස මෙම වෙරළ පිරිසිදුකිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම හරහා පරිසර ආරක්ෂණය හා තිරසාරභාවය වෙනුවෙන් රාජා ජුවලර්ස් හි අනගි මෙහෙවර මැනවින් තහවුරු කරනු ලබයි. මෙරට ප්‍රජාව වෙත ප්ලාස්ටික් භාවිතය අවමකිරීමේ පණිවිඩය සන්නිවේදනය කිරීම වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන අගය කළ යුතු කරුණකි.
දශක නවයකට අධික කාලයක් පුරා, මෙම ආයතනය සැමවිටම ශ්‍රී ලාංකීය සංස්කෘතිය අගය කරන සන්නාමයක් බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයේ වඩාත්ම සාර්ථක ආයතනයකි. දියමන්ති , වටිනා ලෝහ වර්ග,මැණික් ගල් භාවිතා කර නවීන තාක්ෂණය යොදාගනිමින් පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීමට රාජා ජුවලර්ස් නිරතුරුවම කටයුතු කරනු ලබයි. විශිෂ්ට අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කරන ලද ස්වර්ණාභරණ දේශියව හා විදේශීයව අලෙවි වේ.තවද සියලු වයස් කාණ්ඩවලට ගැලපෙන පරිදි වඩාත් උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් ආකර්ෂණීය මෝස්තර නිර්මාණ රැසක් සමඟින් දිගුකාලීන පාරිභෝගික විශ්වාසය සනිටුහන් කරගැනීමට මෙම ආයතනය සමත් වී තිබෙි.
රාජා ජුවලර්ස්හි අතිවිශාල අනර්ඝ ආභරණ එකතුව පිළිබඳව වැඩි විස්තර www.rajajewellers.com,වෙබ් අඩවියට පිවිස හෝ https://www.facebook.com/Rajajewellers.lk/ , Facebook පිටුව හරහා මෙන්ම https://www.instagram.com/rajajewellers.lk Instagram පිටුව තුළින් ද ලබාගත හැකිය.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.