ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග විසඳුමක් වන “ManKiwwa” ජංගම දුරකථන යෙදුම ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගෙන තිබෙනවා.

පසුගියදා මෙක්සිකෝවේ පැවැත්වූ World Summit Awards මෘදුකාංග සම්මාන උළෙලේදී “ManKiwwa” වෙත මෙම සම්මානය හිමි වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත සහය දක්වන ලොව හොඳම මෘදුකාංග විසඳුම් අතරින් එකක් ලෙසයි.

ගමේ නගරයේ පොදු ගැටළු ඊට අදාළ රාජ්‍ය ආයතන වෙත පහසුවෙන් දැනුම්දීම සඳහා මෙම ජංගම දුරකථන යෙදුම මහජනතාවට පහසුකම් සලසන බව එහි නිර්මාතෘ ශොහාන් කුලසූරිය පවසනවා. (සෘජු උපුටාගැනීම: එසැණ)

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version