ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් හමුවී තිබෙනවා. ඒ අනුව සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා ඊයේ (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) හමුවී තිබෙනවා.

එහිදී භූ දේශපාලනික වර්ධනයන් සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා කලාපීය ස්ථාවරත්වයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version