2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ග්‍රාමීය දිළිඳු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස හඳුනාගෙන ඇති බවය.
ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගීම වෙනුවෙන් පැවති දේශපාලන පරිවර්ථනය සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වනවිට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහින යාථාර්ථයක් කිරීමේ අවස්ථාව එළැඹ ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා, තමා වෙත භාරදුන් වගකීම පිළබඳව මනා අවබෝධයක් ආණ්ඩුව කටයුතු කරන බව ද සඳහන් කරයි.
මේ සියවසේ මඟහැරුණු ජයගහ්‍රණ යළි රටට අත්කර දීමටත්, එකී සිහින යථාවත් කිරීම සඳහා 2025 නව වසරේදී අධිෂ්ඨානයෙන් යුතුව කැපවී ක්‍රියා කරන බව ජනාධිපතිවරයා සිය නව අවුරුදු පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.