වසරේ ගත වූ කාල සීමාව තුළ දියේ ගිලිම් හේතුවෙන් පුද්ගලයින් 230 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය පවසයි.

වැඩි පිරිසක් තරුණයින් බව එම කොට්ඨාසය සඳහන් කළේ ය.

එමෙන්ම වසරේ ගත වූ කාලය තුළ දියේ ගිලීමට ලක් වු පුද්ගලයින් 195 දෙනෙකුගේ ජිවිතද බේරා ගැනිමට හැකි වු බව පොලිස් ජිවිත ආරක්ෂක කොට්ඨාසය පෙන්වා දෙයි.

ඒ අතරට මෙරට පුද්ගලයින් 135 ක් සහ විදේශිය පුද්ගලයින් 60 දෙනෙකු ඇතුළත් වේ.

මේ අතර ඊයේ හලාවත දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයින් පස් දෙනෙකු මිය ගියහ.

කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයේ පදිංචි පස් දෙනෙකු එලෙස මිය ගොස් ඇති බව පොලීසිය සදහන් කළේ ය.

මියගිය අය අතරින් දෙදෙනෙකු වයස අවුරුදු 16 ට අඩු දරුවන් වේ.

එලෙස මියගියේ  හලාවත ප්‍රදේශයේ චාරිකාවක් සඳහා පැමිණි පිරිසකින් පස් දෙනෙකුය.

Share.
Leave A Reply

Exit mobile version