ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (27) පැවති ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය.
ලක්නව්හි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 227ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බැංගලෝරු කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 230ක් රැස්කර ජයග්‍රාහී කඩඉම පසුකර ගියේය.
මේ සමග මූලික වටයේ සියලුම තරග අවසන් වූ අතර, බැංගලෝරු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉහළම පැමණියේය.
ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කරන පංජාබ් – බැංගලෝරු Qualifier 1 තරගය හෙට (29) පැවැත්වේ.
එමෙන්ම මුම්බායි – ගුජරාට් Eliminator තරගය මැයි 30වනදා පැවැත්වීමට නියමිතය.