ලොව ජනප්‍රියතම සජීවීකරණ චරිතයක් ලෙස සැළකෙන ශ්රෙක් සිනමාපටයේ එන බූරුවාගේ චරිතයට ආභාසය දුන් පෙරී නමැති බූරුවා මියගොස් තිබේ.
කුඩා බූරුවෙකු වන පෙරී වයඹ දිග කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ හි බෝල් උද්‍යානයේ සිටියදී මියයන විට වයස අවුරුදු 30කි.
කුර රෝගයෙන් පීඩා විඳිමින් සිටි පෙරීට වම් පසුපස පාදයේ ආබාධයක් ද තිබූ අතර එය පෙරීට නැගී සිටීමට අපහසු වූ බව විදෙස් වාර්තා පවසයි.
එඩී මර්ෆි විසින් හඬ කැවූ බූරුවාගේ චරිතය බිහිකිරීමට හේතුවූයේ පෙරීගේ හැසිරීමයි.
බෝල් උද්‍යානය අසල ජීවත් වූ එක් සජීවිකරණ ශිල්පියෙකු එඩී මර්ෆිගේ චරිතයට පණ පොවා ගැනීමට උදව් කිරීම සඳහා ඔවුන්ගේ ගොවිබිම්වල සිටින බූරුවන් නිරීක්ෂණය කරන ලෙසට ඔහුගේ බිරිඳ පවසා තිබුණි.
පසුව එම පුද්ගලයා පෙරී සමඟ පැය ගණනක් ගත කළ සෙසු සජීවිකරණ ශිල්පීන් කණ්ඩායමක් සමඟ ආපසු පැමිණ ඇත.
කෙසේවෙතත් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සජීවිකරණ චරිතයක් නිර්මාණය කිරීමේදී පෙරී පැහැදිලි දායකත්වයක් ලබාතිබියදී වුවත් චිත්‍රපටය සඳහා පෙරීට ලැබුණේ ඩොලර් 74ක් පමණක් බව වාර්තා වේ.
ශරෙක් සිනමාපටය හොඳම සජීවිකරණ විශේෂාංගය සඳහා පළමු ඔස්කාර් සම්මානය ද දිනා ගත්තේය.
පෙරීගේ රෝගී තත්ත්වය සුව කිරීම සදහා ඩොලර් දහස් ගණනින් අරමුදල් ලැබී තිබුණත් සුව නොවන බව තහුවුර පවසු පෙරී සතුටින් තැබීමට පසුගිය කාලය පුරා උද්‍යාන සේවකයන් උත්සාහ කළ බවට ද විදෙස් වාර්තාවල දැක්වේ.