ශ්‍රී සද්ගුරු මධුසුදාන් සායි දාර්ශනික මගපෙන්වීම යටතේ ලොවපුරා සමාජසේවා කටයුතු සිදුකරනුලබන ශ්‍රී මධුසුදාන් සායි මානුශීය සත්කාරය මෙහෙයුම් කටයුතු යටතේ එක ලොවක් එක පවුලක් යන තේමාව යටතේ දෙවනවරටත් පැවැත්වීමට නියමිතව ඇති ඉන්දියානු ප්‍රවීණයන්ගේ කන්ඩායම සහ ශ්‍රීලංකා ප්‍රවීනයන්ගේ කන්ඩායම් හි පන්දුවාර 20-20 ක්‍රිකට් තරගය පිලිබද මාධ්‍ය සාකාච්ඡාව පසුගිය 29 දා කොළඹදී පවත්වනු ලැබිනි.
මෙම මාධ්‍යය හමුව අමතනු ලැබුවේ ,ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සමගින් හැටන් වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කලමනාකරණ අධ්‍යයක්ෂක මේනක අතුකෝරල මහතා සහ සිංගප්පුරුවේ පිහිටා ඇති ජී ඇන්ඩ් ජී සමූහ ව්‍යායාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ගව්රි ශංකර් මහතා විසිනි.
මෙවර තරගාවලියේ තේමාව ලෙස අරමුනක් වෙනුවෙන් ක්‍රිකට් යන්න වග මෙහිදී සදහන්වු අතර තරගය පෙබරවාරිමස 8වනදින ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ,මුදෙන්නාහලි හි පිහිටි සත්ය සායි ගම්මානයේ,සායි ක්‍රිශ්ණාන් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම මාධ්‍යය සාකච්ඡාවේදි ශ්‍රී මධුසුදාන් සායි මානුශීය සත්කාරය මෙහෙයුම් කටයුතු සහ ලොවපුරා සිටින අඩුආදායම් ලාභි ලමුන් වෙනුවෙන් සිදුකරනු ලබන අධයාපන ,සෞකය්‍ය,පෝශණය ආදී කරුණු සම්බන්ධයෙන් ද අදහස් හුවමාරුවිය.
මෙවර තරගය සදහා ශ්‍රීලංකා ප්‍රවීණයන්ගේ සංචිතය එක පවුලක් ලෙස නම්කොට ඇති අතර , අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග ,තිලකරත්න ඩිල්ශාන්,උපුල් තරංග ,තිසර පෙරේරා,මුත්තයියා මුරලිදරන්,අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර,අසේල ගුනරත්න ,මිලින්ද සිරිවර්ධන ,තරංග පරණවිතනාන ,නුවන් සොයිසා,තිලින තුෂාර ,රොමේශ් කළුවිතාරණ නම්කොට ඇත.
එමෙන්ම ඉන්දියානු ප්‍රවීනයන්ගේ සංචිතය එක ලොවක් ලෙස හදුන්වනු ලබන අතර ලෙස,ඉර්ෆාන් පතාන්,යුසුෆ් පතාන්, එස් බද්රිනාත්,නාමන් ඕජා,පී ඕජා,අභිමන්යු මිතුන්,අශෝක් දින්ඩා,වෙන්කටේශ් ප්‍රසාද් ,සුනිල් ජෝශි,පාර්තිව් පටෙල් ,මනෝජ් තිවාරි, සුජිත් සෝමසුන්දර් සදහන්ය.