මෙරට විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සහ ඒ සඳහා වන සංශෝධිත තොග සැපයුම් ගනුදෙනු ගිණුම් මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අදාල බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනයකර අවසන් වූ පසු අමෙරිකානු ඩොලර් මිලියන 344 ක ණය මුදලක් ලබා ගැනීමට අදාල අනුමැතිය ශ්‍රී ලංකාවට හිමි වන බවයි.

ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව සඳහන් කළාය.

2025 අප්‍රේල් 25 වන දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර එම ණය පහසුකමට අදාළ මීළග වාරිකය ලබා ගැනමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වේ.

Share.
Leave A Reply

Exit mobile version