මේජර් ජෙනරාල් රුවන් වනිගසේකර (විශ්‍රාමික) ජනවාරි 01 දින සිට ක්‍රියාත්මකවන ලෙස ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස පත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ මහතා ඊයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී නව ධූරයෙහි රාජකාරී ආරම්භ කළේය.

ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩු වු ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මේජර් ජෙනරල් රුවන් වනිගසේකර පත් කරනු ලැබිණ.

Share.
Leave A Reply

Exit mobile version