නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පසුගියදා පත්වීම් ලබාගත්තා.
ධූරයට පත්වීමෙන් පසු නව ගුවන් හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.