භූතානයේ නිල සංචාරයක නියැලෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට, භූතානයේ ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා භූතානයේ තිම්පු අගනුවරට පැමිණියේ ද භූතාන රජුගේ ඇරැයුමක් පිළිගනිමිනි. මීට දින කීපයකට පෙර, භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ නවදිල්ලියේ සංචාරය කළේය.

භූතානයට පැමිණෙන්නැයි භූතාන රජු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කළේ, භූතාන අග්‍රාමාත්‍යවරයා හරහාය. ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මෝදි මෙම දිනවල ඉතාමත් කාර්ය බහුල පුද්ගලයෙකි. එවැනි අවස්ථාවක වුවත්, තම ආරාධනාව පිළිගනිමින් භූතානයට පැමිණීම භූතාන රජුගේ පැසැසුමට හේතුවක් විය.

ඉන්දියාව සමෘද්ධිය කරා රැගෙන යන අග්‍රාමාත්‍ය මෝදි සුවිශේෂී නායකයකු බව පවසමින්, භූතානයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට පිරිනැමීමට ද භූතාන රජු කටයුතු කළේය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version