පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල දී මැලේසියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි.

24 හැවිරිදි ඇය සතුව තිබී කොකේන් කිලෝ 3ක් ද හමුවී තිබේ.

එහි දළ වටිනාකම රුපියල් කෝටි 11ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත එම කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා එහි පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කරයි.

Share.
Leave A Reply

Exit mobile version