Kandy Falcons vs Jaffna Kings
Lanka Premier League 2022 T20 තරගාවලියේ Kandy Falcons කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 10 ක ජයක් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Kandy Falcons කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 161 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Kandy Falcons කණ්ඩායම වෙනුවෙන් Fabian Allen ලකුණු 47 ක් හා Andre Fletcher ලකුණු 15 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 150 ක් පමණයි.
Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම ලකුණු 48 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා.
Dambulla Aura vs Colombo Stars
Lanka Premier League 2022 T20 තරගාවලියේ Dambulla Aura කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 9 ක ජයක් ලබා ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Stars කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Dambulla Aura කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන්ට පන්දුවාර 14 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 89 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Stars කණ්ඩායම 12 වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.