ඉන්දියාවේ 78 වන නිදහස් දිනය අගෝස්තු 15දිනට යෙදී තිබුණි.
ඊට මෙරට දේශපාලනඥයින් සිය X ගිණුම් හරහා සුබ පැතුම් එක් කර තිබූ අතර ඉන් කිහිපයකට ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් සන්තෝෂ් ජාහ් පිළිතුරු ලබා දී තිබුණි.
අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ සුබ පැතුමට මහකොමසාරිස්වරයා සිය ස්තූතිය පළ කර තිබුණි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද ඉන්දීයාවේ 78 වන නිදහස් දිනය සඳහා සුබ පැතුම් එක් කිරීමටයි කටයුතු කර තිබුණි.
ඊට ද සන්තෝෂ් ජාහ් සිය ස්තූතිය ප්‍රකාශ කර තිබුණි.
එමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට සුබ පැතුමට ද ඔහු සිය ස්තූතිය පළ කර ඇත.
මෙම සුබ පැතුම් සියල්ලට ස්තූතිය පමණක් ප්‍රකාශ කළ මහකොමසාරිස්වරයා විපක්ෂ නායක මෙන්ම සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සුබ පැතුමට ස්තූතියට අමතරව “අපගේ සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒමට සූදානම්..!” යනුවෙන් පිළිතුරක් ලබා දී තිබුණි.
මේ වනවිට අදාළ පිළිතුර සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම පිළිතුර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන ඉඟියක් විය හැකි බවයි.
