ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබේ.
ඉරාන මාධ්‍ය කිහිපයක් ද මේ බව තහවුරුකර ඇත.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කළේය.
එහිදී ඊශ්‍රායලයේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයයි.
එමෙන්ම ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යශ්ටික වැඩසටහනට සමබන්ධ විද්‍යාඥයින් රැසක් ද මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බව සඳහන්.
ඊශ්‍රායලය මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය.
IAF ජෙට් යානා යොදගනිමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර සිදුකර ඇත.
ප්‍රහාර සම්බන්ධව අදහස් පළකළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇත්තේ අවශ්‍ය ඕනෑම කාලයක් දක්වා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සිය සැලසුම බවයි.
මෙය පළමු ප්‍රහාරය පමණක් බවද ඔහු අවධාරණය කර ඇත.
ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීම වැළැක්වීම සහ එමගින් සිය ජනතාව ආරක්ෂා කරගැනීම මෙම ප්‍රහාරය සිදුකළ බව නෙතෙන්යෙහු වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත් ඉරානය සිය ගුවන් සීමාව මේ වනවිට වසාදමා ඇත.