යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත නොච්චියාගම පොලිසියේ නිලධාරින් සමග එක්ව සිදුකල වැටලීමකදි මිලියන 1.6 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (26) දින මහබුලන්කුලම් ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සතුව කේරල ගංජා කිලෝග්රෑම් 5.5 ක් විකිණීම සඳහා ඔහු සතුව තබාගෙන සිට ඇති අතර මොහු දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස නීති විරෝධීව මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත. වයස අවුරුදු 43 ක් වන අනුරාධපුර, විජේපුර ප්රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට පත් වී ඇති අතර ඉදිරි නීතිමය කටයුතු නොච්චියාගම පොලිසිය විසින් සිදු කරයි..