අභ්‍යවකාශ තරණයටත්, විශ්ව ගවේෂණයටත් යොමු වී සිටින ඉන්දියාව, වසර 2035 වනවිට, අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දියාව අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ඉන්දීය අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ තිරුවාන්නතපුරම් නුවර, වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැති දේශනයක් අතරතුරේදීය.

මෙම 2024 වසරේ දී, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, එරට නිෂ්පාදිත රොකට්ටුක් සහ ගගන කැප්සියුලයක් ආධාරයෙන් ඉන්දීය ගගනගාමීන් සිවු දෙනකු ද අභ්‍යවකාශයට යවා ගෙන්වා ගැනීමට නියමිතය.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version