විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවාවන් මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.
ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.