ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන පහසුකම 2023 වසරේ මුල් භාගයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් දැනට සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි 2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා ආර්ථික 2022 වසරේ 8.0% කින් පමණ මූර්ථ වශයෙන් සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්ථික ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.