දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සඳහන් වන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.