ඊයේ කාගේත් අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපතිවරණයට අදාල විවාදය අවසන් වූ වහාම පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ඇගේ ඉන්සටර්ග්රෑම් ගිණුමට විශේෂ සටහනක් එක් කළාය.
අනුගාමිකයින් මිලියන 283 ක් සිටින ඇගේ ගිණුමේ ටේලර් ස්විෆ්ට් සටහන් කළේ, එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඇය තම ඡන්දය ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ට ලබා දෙන බවයි.
මේ වන විට ඊට Likes මිලියන 9 කට වඩා ලැබී ඇති බව සඳහන් වේ.
බොලිවුඩ් සුපිරි තරුවන ජෙනිෆර් ඇනිස්ටන්, එක්සත් ජනපද පැසිපන්දු තරුව කේට්ලින් ක්ලාක් සහ සෙලීනා ගෝමස් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින්ගෙන් එම පොස්ටුවට likes ලැබී තිබේ.
උප ජනාධිපතිනී කමාලා හැරිස්ට සහය දක්වමින් පොප් මෙගාස්ටාර් ටේලර් ස්විෆ්ට් ඇගේ ඉන්ස්ටග්‍රෑම් සටහනට එක් කළ පෝස්ටුව හරහා පළමු වරට ලියාපදිංචිවන ඡන්ද දායකයින් 337,826 ක් vote.gov වෙත පිවිසී ඇති බවයි එක්සත් ජනපද සාමාන්‍ය සේවා පරිපාලන ප්‍රකාශකයෙකු පවසා තිබේ.
ඇයගේ මෙම සටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ටේලර් ස්විෆ්ට් ගේ හැසිරීමට ඇයට ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.
ඔහු කවදත් පොප් මෙගාස්ටාර් ටේලර් ස්විෆ්ට්ගේ රසිකයෙක් නොවූ බවත් නිදහස් අදහස් ඇත්තියක් ලෙස ඇයව පෙනී යන බවත් ඔහු සඳහන් කර තිබේ.

