බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අධ්යක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා විසින් රුපියල් කෝටි 16.5කට මිලදී ගත් බව කියන කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීරණයේ නිවාස දෙක පරිහරණය කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තහනම් කළේය.
ලබන දෙසැම්බර් 18 දක්වා බලපැවැත්වෙන පරිදි අද සුපිරි නිවාස දෙකක පරිහරණය කිරීම තහනම් කරනු ලැබුයේ එම සුපිරි නිවාස මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව සඳහන් කරමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.