ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමී කාර්ටගේ අවමංගල්‍ය උත්සවයට දැනට ජීවතුන් අතර සිටින ඇමෙරිකානු ජනාධිපතිවරුන් පස් දෙනාම සහභාගී වීම සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතා බහට ලක්විය.
වොෂිංටන් ජාතික දෙව්මැදුරේ පසුගිය 10 වැනිද පැවැති රාජ්‍ය අවමංගල උත්සවයේදී ජනාධිපති ජෝ බයිඩන් ජිමී කාටර් පිළිබඳව ගුණ කථනයක්ද සිදු කළේය. ජෝ බයිඩන් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බිල් ක්ලින්ටන් සහ ඔවුන්ගේ භාර්යාවන් සමඟ එකට අසුන් ගෙන සිටියේය.
රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති ජෝ බයිඩන් නිදා වැටුණු බවත් ඔහුගේ භාර්යාව වන ජිල් බයිඩන් ජනාධිපතිවරයා අවදියෙන් තබා ගැනීම සඳහා විශාල උත්සාහයක් ගත් බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් පසුව එම වාර්තා නිවැරදි නොවන බවට වාර්තා විය.