2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (21) පැවති තරඟවලින් ජයග්රහණ ලබා ගැනීමට එංගලන්තය සහ නෙදර්ලන්තයට හැකිවූ අතර අමෙරිකාව හා වේල්ස් අතර තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
එංගලන්තය සහ ඉරාන කණ්ඩායම අතර පැවති තරඟය ගෝල 06-02 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Jude Bellingham, Bukayo Saka, Raheem Sterling,Marcus Rashford, Jack Grealish එම ගෝල වාර්තා කිරීමට සමත් වුණා.
සෙනගාලය සහ නෙදර්ලන්තය අතර පැවති තරඟය 02-00 ක් ලෙස ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Cody Gakpo සහ Davy Klaassen ගෝල වාර්තා කර තිබෙනවා.
අමෙරිකාව හා වේල්ස් අතර තරඟයේදී දෙපිලම ගෝල එක බැඟින් වාර්තා කිරීමත් සමඟ තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර අමෙරිකානු කණ්ඩායම වෙනුවෙන් Tim WEAH හා වේල්ස් කණ්ඩායම වෙනුවෙන් Gareth BALE ගෝල වාර්තා කළා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.