ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මාක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි.

මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version